මතකයි...
නුඹ උපන්දා..
උඹේ අප්පොච්චා..
හිනැහිලා අප්පොඩි තලපු හැටි
" මටත් කොල්ලෙක්.. " කියලා..
පැලේ ඉදුන බත
තලු මර මර කාපු හැටි
"අම්මේ තව ඩිංගක්"
උඹ ඉල්ලුවා මතකයි..
ඉස්සෙල්ලම ඉස්කෝලේ ගියදා
ගල් ලෑල්ල පපුවට තද කරන්
මතකයි අදටත්..
තරහ නෑ හිතේ
එන්නම් අම්මේ කියලා
ගියාට තාම නෑ
මතකයි තවමත්...

No comments:
Post a Comment