බුදින්නට රන් පිඟන් නැත..
මගේ උන්ට දෙන්නට
දායාද නැත.
බිජු ලෑවෙමි හොඳට තටමා
ගල් දෙබොක්කාවක
මහා ජල කඳෙන් ආරක්ෂිතය..
සුළගෙන් ආරක්ෂිතය..
වනේ වන සතුරාගෙන් ආරක්ෂිතය..
කවිය..
නුඹ..
අන් උනුනට වටින්නේ නැත..
නමුදු
මට
මගේ පැටියා මැණිකකි....

No comments:
Post a Comment