Wednesday, May 30, 2012

කවිය.

රන් පලස් නැත.
බුදින්නට රන් පිඟන් නැත..
මගේ උන්ට දෙන්නට
දායාද  නැත.
බිජු ලෑවෙමි  හොඳට තටමා
ගල් දෙබොක්කාවක
මහා  ජල කඳෙන් ආරක්ෂිතය..
සුළගෙන් ආරක්ෂිතය..
වනේ වන සතුරාගෙන් ආරක්ෂිතය..
කවිය..
නුඹ..
අන්  උනුනට වටින්නේ නැත..
නමුදු
මට
 මගේ පැටියා මැණිකකි....

පැරදීම..

දිග් විජය කල 
මහා රජෙකුට 
ලොවේ පැරදුම
හුරු නැති....
රටක පැරදුන
දිනෙක රජු හට
අසිපතත් වුව 
බර වැඩි..
සියලු දෑ
මගෙමයි කියාසිටි
මටත් පැරදුම හුරු නැති...
නුඹෙන් පැරදුන 
සැනින් මේ මම
ගන්න හුස්මත් 
බර වැඩි.....

අපේ අත්තම්මා

පෝය දාට
විතරම විතරක්
පුටුවත් අරන් වාඩි වෙලා
අපේ අත්තම්මා
බණ ටිකක්
ගාථාවක්‌ එහෙම
අහලා බලලා
පින් දෙන තරම
දැක්කම
කාට කාටත් 
කලින්
නිවන් යන බව සහතිකයි
සාලේ මැද උපාසක
ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී එක....

ගුත්තිල හා මූසීල

අනේ..මං
මූසිලව
වයයි ජිවිත තනුව 
බිඳී යන තත් පෙළ මතින් 
ඉදිරියට..
ගොලුවේවි
දැන් දැන්ම
විණාව සමඟ ජීවිතය
ලෝකයා කෑගසාවී
උඹ පැරදුනා..
බිඳී යන හැටියට තතින් තත..
බලා උන්නෙමි නිවහල්ව..
පැරදුනෙමි........
දැමූ හෙයින් ගුත්තිලයෙකු
ගුලි එකින් එක අහසට...